30.6 C
Colombo
Monday, July 7, 2025

ජනතා කෝපය හමුවේ ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වේ…

Published:

ජනතා කෝපය හමුවේ ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වේ…
පසුගිය අඟහරුවාදා බේරුට් හි සිදු වූ මහා පිපිරීමෙන් අනතුරුව ජනතා කෝපය උත්සන්න වෙමින් පවතිද්දී ලෙබනනයේ ආණ්ඩුව ඉල්ලා අස්විය.

එරට රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතා කරමින් (සඳුදා සවස) මෙම ඉල්ලා අස්වීම නිවේදනය කරනු ලැබුවේ ලෙබනනයේ අගමැති හසාන් දියාබ් විසිනි.

බේරුට් නුවර සිදු වූ පිපිරීමෙන් 200කට අධික පිරිසක් මරණයට පත් වූ අතර විශාල දේපල හානියක් සිදු වී තිබුණි.

රටේ නායකයන්ගේ නොසැලකිල්ල සහ දූෂණ හේතුවෙන් මෙම විපත සිදු වූ බවට ලෙබනනයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් චෝදනා කළහ.

වීදි බට ජනතාව දින දෙකක් පුරා ආණ්ඩුවට එරෙහිව විරෝධතා පල කරමින් සිටියහ.

Reuters

ලෙබනන් ජනාධිපතිවරයා කියා සිටියේ බේරුට් වරායේ වසර කිහිපයක් තිස්සේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750ක් පුපුරා යාම නිසා මෙම මහා විනාශය සිදුවූ බවය.

පිපිරීමත් සමඟ බේරුට් අගනුවර සමස්ථ කලාපය මහා විනාශයකට ලක්විය. මහජන නිවාස සහ ව්‍යාපාරික ස්ථාන බිමට සමතලා වී ගොස් ඇත. ඒ අතරම පුද්ගලයන් රාශියකට සිදුවූ දෙයක් තවමත් දැනගැනීමට නොමැත.

පිපිරීම හේතුවෙන් 300,000 ක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බේරුට් හි ආණ්ඩුකාර මර්වන් අබවුඩ් සඳහන් කළේය.

ඉහත කී තුවාලකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනෙක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img