31.1 C
Colombo
Wednesday, August 27, 2025

මැතිවරණය සාමකාමීයි – ඡන්දය ප්‍රකාශ කිරීමත් ඉහළ අගයක…

Published:

මැතිවරණය සාමකාමීයි – ඡන්දය ප්‍රකාශ කිරීමත් ඉහළ අගයක…

අද පැවැති ඡන්ද විමසීම අතිශය සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ කිසිඳු බරපතල සිද්ධියක් මේ දක්වා වාර්තා වී නොමැති බවයි.

මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ වාර්තා කිහිපයක් කැඳවා ඇති බවත්, කිසියම් හෝ සුළු සිද්ධියක් වාර්තා වී තිබුණද, ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය රීති පිළිපදිමින් වුවද, 70% ක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරීම සතුටුදායක කරුණක් බවයි.

මේ අතර අද පස්වරු 05 ට ඡන්ද විමසීම අවසන්වීමත් සමග ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය 70% ඉක්මවූ දිස්ති‍්‍රක්ක 17 ක් වාර්තා වුණා. ඒ අතරින් 76% ක් වූ වැඩිම ඡන්ද ප‍්‍රතිශතය වාර්තා වූයේ හම්බන්තොට සහ මඩකලපුවෙන්.

මීට අමතරව අනුරාධපුර, බදුල්ල, දිගාමඩුල්ල, ගාල්ල, කලූතර, මහනුවර, මාතලේ, මාතර, පොලොන්නරුව, රත්නපුර, තී‍්‍රකුණාමලය සහ වන්නි යන දිස්ති‍්‍රක්කවල ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය 70% ඉක්මවා ගොස් තිබුණා. කොළඹ දිස්ති‍්‍රක්කයේ ඡුන්ද ප‍්‍රතිශතය ද සියයට 70 ඉක්මවා තිබූ බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,443FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img