26.7 C
Colombo
Wednesday, August 27, 2025

කඩා දැමූ රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විමර්ශන අරඹයි…

Published:

කඩා දැමූ රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විමර්ශන අරඹයි…

කුරුණෑගල නගර සභාව විසින් ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය පිළිබඳව පංච පුද්ගල විද්වත් කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා (21)ට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත භාර දිය හැකි බව එහි සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

අද (18) එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළේය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ මෙම ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.

මෙහි කොටසක් ජූලි 14 වැනි දා රාත්‍රියේ කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.

මේ අතර පාර්ශ්ව කිහිපයක් අදාළ සිද්ධියට එරෙහිව අද (18) විරෝධතාවයේ නිරත වුණි.

එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ මෙවර මහ මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ද විනාශ කර ඇති එම ස්ථානය අද නිරීක්ෂණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img