30 C
Colombo
Wednesday, August 27, 2025

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි….

Published:

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි….

විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.

විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවත් එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වුවද විදුලි මණ්ඩලය යනු රාජ්‍ය ආයතනයක් වන බැවින් එම ආයතනය අඩපණ නොවී පවත්වාගෙන යාමට ද අවශ්‍ය හෙයින් තමන්ට ලැබෙන බිල්පතින් කිසියම් මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස තමන් විදුලි පාරිභොගික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img