30 C
Colombo
Wednesday, August 27, 2025

වෙලේ සුදා මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සැලසුම් දැනගත් ආකාරය අධිකරණයේදී හෙළි වේ…

Published:

වෙලේ සුදා මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සැලසුම් දැනගත් ආකාරය අධිකරණයේදී හෙළි වේ…

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකිරීමට නියමිත වැටලීම් පිළිබඳ තොරතුරු එහි ඇතැම් නිලධාරීන් විසින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැලිකඩ සිරකරු ඝාතන නඩුව අද (08) ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

විත්තියේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු තමා කෙටි කාලයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවත්, එම කාල සීමාවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු එම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ බව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාංශය සේවය කළ අරුණ පෙරේරා නමැති පොලිස් කොස්තාපල්වරයකු මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවත් සාක්ෂිකරු පිළිගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

එම විමර්ශනවලදී පොලිස් කොස්තාපල් අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා අතර ඇතිවූ සංවාදවලට අදාළ හඬ පට ද සොයාගෙන තිබූ බව සාක්ෂිකාර වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img