28.4 C
Colombo
Sunday, July 6, 2025

2020 මහ මැතිවරණය අගෝස්තු 5 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි…

Published:

2020 මහ මැතිවරණය අගෝස්තු 5 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි...

ඔහු මේ බව ප්‍රකාශ කළේ, බදාදා (ජූනි 10) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, තමන් මීට පෙර පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැම් මාධ්‍යවල පළ කර තිබූ බවය.

“මම කිව්වෙ එක ම කොරෝනා රෝගියෙක්වත් නැහැයි කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා කියනව නම් අපිට මාස දෙකක් යන්න කලින් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඒත් සමහර මාධ්‍යවල පළ වුණේ, මහ මැතිවරණය පවත්වන්න එක රෝගියෙකුවත් නැති වෙනකම් මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නව කියලා.”

2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජූනි මස 20 වන දා පැවැත්වීමට මීට පෙර දින නියම කෙරිණි.

Sri Lanka general election 2020

අදාළ දිනයේදී මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙසට අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම එම ඡන්ද විමසීමට මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි නිවේදනය කළේය.

මහින්ද දේශප්‍රිය පැවසුවේ ඡන්ද විමසීම නිසා කොරෝනාවෛරසය ව්‍යාප්තවීමට ඇති අවදානම වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මාස දෙකක පමණ කාලයක් ඒ සදහා ගත විය හැකි බවය.

මෙවර මහ මැතිවරණය සදහා වැය වන වියදම රු. කෝටි 650ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණ ද, එම වියදම රු. කෝටි 900 ද ඉක්මවිය හැකි බව මහින්ද දේශප්‍රිය අගහරුවාදා (ජූනි 09) පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

මේ අතර, මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ අංක ඇතුළත් ගැසට් පත්‍රය ද අගහරුවාදා නිකුත් කෙරිණි.

ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයින් 7344 දෙනෙකු මෙවර තරග වැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img