27.2 C
Colombo
Wednesday, August 27, 2025

සියලුම බස් සහ දුම්රිය සඳහා Prepaid Travel Card පතක්…

Published:

සියලුම බස් සහ දුම්රිය සඳහා Prepaid Travel Card පතක්…

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා.

දැනට පවතින කොවිඩ්-19 නිසා මුදල් පරිහරණයේ දී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේ දී ඉන් සිදුවිය හැකි බලපැම වැඩි බව පෙනී ගොස් තිබෙනවා.

එම නිසා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නා.

එමෙන්ම මෙම කාර්ඩ් පත දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.

පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබා දීම සම්බන්ධව පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබුවා.

මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම අමාත්‍ය මහින්ද අමරවීර හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වනවිට මෙම කාර්ඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි.

ඊයේ (08) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img