27.8 C
Colombo
Wednesday, August 27, 2025

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළට…

Published:

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළට…

අද(09) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඊයේ සහ අද දිනයේ නාවික හමුදා සෙබලුන් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්යාතව 21ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සියලු නාවිකයින් සෞඛ්යඉ උපදෙස් මත තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට නියමිතව තිබේ.

මෙම සියලු නාවිකයින් පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කිරීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂනණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 129 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු එහි නිරෝධායන වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img