27.8 C
Colombo
Wednesday, August 27, 2025

කොරෝනා සමාජයට නිරාවරණය වීමේ අවදානමක්…

Published:

කොරෝනා සමාජයට නිරාවරණය වීමේ අවදානමක්…

කොළඹ 15, මෝදර “මෙත්සඳ සෙවණ”  නිවාස සංකීර්ණයේ ඊ කොටස හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. ඒ, එම නිවාස සංකීර්ණයේ පදිංචි වී සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් මියයාමත් සමගයි.

මෙලෙස අද මියගිය කාන්තාව මාසයකට ආසන්න කාලයක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිය නිවෙස තුළ සිට ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් ඇත්තේ මීට දින 02 කට පෙරයි. ඉන් පසුව සිදු කෙරුණු පරීක්ෂණවලදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇය අද මියගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

මෙය වාර්තා වූයේ මෙරට 09 වන කොරෝනා මරණය ලෙසයි. 52 හැවිරිදි එම කාන්තාව ඇසුරු කළ කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුද නිරෝධායන කටයුතු සඳහා අද යොමු කෙරුණා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටද නව කොරෝනා වෛරසය අසාදානය වී තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කළ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටයි. ප්‍රතිකාර සඳහා ඇය මේවනවිට IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සිව්දෙනා ඇසුරු කළ පුද්ගලයින් 138 දෙනෙකු මේවනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img