26.7 C
Colombo
Wednesday, August 27, 2025

මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය – දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට…

Published:

මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය – දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට…

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ.

ආයතන විවෘත කොට පවත්වාගෙනයාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානින් වගබලාගත යුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකිය. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යනඑන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තාකළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.

කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 06 වෙනිදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්කවල මැයි 06 වෙනිදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි මස 11 වෙනි සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img