30 C
Colombo
Wednesday, August 27, 2025

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා යලි ආරම්භ කිරීමට සුදානම්…

Published:

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා යලි ආරම්භ කිරීමට සුදානම්…

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.

ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා ranjithd@boi.lk විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල ඉල්ලා සිටියි.

ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධාණය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img