30.6 C
Colombo
Tuesday, August 26, 2025

තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබයි. – මෙරටදී සුවය ලැබූ ආසාදිතයින් ගණන 54 ක් දක්වා ඉහළට…

Published:

තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබයි. – මෙරටදී සුවය ලැබූ ආසාදිතයින් ගණන 54 ක් දක්වා ඉහළට…

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු සුවය ලබා අද (10) රෝහලෙන් පිටව ගියා. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 54 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, අද පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත බවට කිසිදු පුද්ගලයෙකු වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ. කෝවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අදහස් දැක්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img