30.6 C
Colombo
Tuesday, August 26, 2025

දිවි මියැසියෙන් නික්ම ගිය ප්‍රවීණ සංගීතවේදියා…

Published:

දිවි මියැසියෙන් නික්ම ගිය ප්‍රවීණ සංගීතවේදියා…

දිවි මියැසිය නිමාකළ ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු අද(08) සිදු කෙරුණි.

ඒ මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී.

1968 වසරේ උපත ලැබූ ජයන්ත රත්නායක මහතා මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහ ශක්ති සමඟ ප්‍රසිද්ධ මියැසි වේදිකාව තරණය කළේය.

එමෙන්ම ළමා වැඩසටහන් සඳහා තේමා ගී තනු නිර්මාණය කරමින් ද ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය.

දෙදරු පියෙක් වූ ජයන්ත රත්නායක මහතා පසුගිය 6 වැනිදා අභාවප්‍රාප්ත වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

ඒ වන විට ඔහු 51 වැනි වියෙහි පසු විය.

කොස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් පසු මාලඹේ තලාහේන පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.

කෙසේවෙතත් ජයන්ත රත්නායක මහතාගේ පියාණන් වූ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක මහතා මෙම අවස්ථාවට සහභාගී වුණේ නැහැ.

දක්ෂ සංගීත සංයෝජකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ දක්ෂ ගායන ශිල්පියෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ ජයන්ත රත්නායක කලාකරුවාගේ වියෝව මෙරටට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු නොඅනුමානයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img