30.6 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළට…

Published:

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළට…

මේවන විට දිවයින තුළ සිටින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමගයි.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 178 දෙනකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවූණු අතර කොළඔ දිස්ත්‍රික්කයෙන් රෝගින් දෙදෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් සිව් දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ,මහනුවර හා මාතර දිස්ත්‍රික්ක්කවලින් දෙදෙනකු ඒ අතරට අයත්.

මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 34ක් වන අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් අති පුද්ගලයින් සංඛ්‍යාව 5ක්.

කෙසේවෙත් රෝගීන් 137 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 257 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img