30.6 C
Colombo
Tuesday, August 26, 2025

PCR පරීක්ෂණ ප්‍රමාද ඇයි ? ප්‍රතිදේහ පරීක්ෂණ එයිද…?

Published:

PCR පරීක්ෂණ ප්‍රමාද ඇයි ? ප්‍රතිදේහ පරීක්ෂණ එයිද…?

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන PCR පරීක්ෂණ යන්ත්‍ර 120ක් පමණ රට තුළ පැවතිය ද රජය භාවිතයට ගෙන ඇත්තේ ඉන් 7ක් පමණක් බව අනාවරණ වෙයි.

මෙම යන්ත්‍ර භාවිතයට ගතහොත් මෙරට තුළ ස්වයං නිරෝධායනයට ලක් වන සියලු රෝගීන් ඉතා කෙටි කලක් තුළ පරික්ෂා කර ඔවුන් ආසාදිතයන් ද නැත්ද යන්න තීරණය කළ හැකි බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කොවිඩ්- 19 වෛරසය හේතුවෙන් පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දුරකථන ඔස්සේ 43,500 ක පිරිසක් නිරෝධායනය සඳහා ලියාපදිංචි ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඉන් 18,000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන කටයුතු අවසන් කළද තවදුරටක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය තුළ පුද්ගලයින් 25,500 කට වැඩි පිරිසක් රැඳි සිටියි.

මෙවන් පසුබික නිරෝධායනය අවසන් කළ දෙදෙනෙකුටද නැවත කොවිඩ් -19 වෛරසය වැළදි ඇති බව තහවුරු වුණි.

නිරෝධායනයට ලක්වන සියලුදෙනා කොවිඩ් -19 වෛරස පරීක්ෂණයට ලක්කිරිමට නම් දැනට සිදුවන පරීක්ෂණ කටයුතු ඉතා විශාල වශයෙන් පුළුල් විය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කරන PCR පරීක්ෂණය දැනට රටතුළ සිදුවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා ක‍ළේ රුධිර සාම්පල ලබා ගැනීම හරහා සිදුකරන ඇන්ටිබොඩි හෙවත් ප්‍රතිදේහ පරීක්ෂා කිරිමේ ක්‍රමවේදය වෙත යොමුවිය යුතු බවයි.

කොවිඩ් 19 වෛරස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා වෛද්‍ය සේවා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සිව් පුද්ගල කාර්ය සාධක බළකායක් නම් කළ අතර එම කමිටු වාර්තාව හෙට දිනයේ ලබාදීමට නියමිතයි.

PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරිම තුළින්ද ස්වයං නිරෝධායකයින් අති විශාල ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

දැනට රට තුළ සිදුවන PCR පරීක්ෂණය සිදුවන අතර එහි ක්‍රියාවලිය සොයාබැලිම සඳහා අද දෙරණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගිය අතර එහිදි අද දිනයේත් වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත ජාත්‍යන්තර ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පරීක්ෂණ කිරිම සඳහා සැකකටයුතු රෝගින්ගේ ශ්ලේෂ්මල හෙවත් සෙම සාම්පල ගෙන එනු ලැබුවේය.

විශේෂ ආරක්ෂක බහාලුම් 3 ක් තුළ ඇසුරුම් කර එම සාම්පල රැගෙන එන අතර සාම්පල රසායනාගාරය වෙත යොමුකිරිමෙන් අනතුරුව විෂබීජ ව්‍යාප්ත නොවිමේ ආරක්ෂිත පියවරක් ලෙස එම බහලුම් පුළුස්සා විනාශ කරනු ලබයි..

PCR- පරීක්ෂණ යන්ත්‍ර දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල 54 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සහ විද්‍යා පීඨ සහ අනෙකුත් පර්යේෂණ ආයතන යටතේ තවත් PCR පරීක්ෂණ යන්ත්‍ර 56 කට වැඩි ප්‍රමාණයක් පවතියි.

පුද්ගලික රෝහල් තුළද PCR පරීක්ෂණ යන්ත්‍ර 6 ක් පවතින අතර සමස්ථ යන්ත්‍ර සංඛ්‍යාව 116 ක්.

මෙවන් පසුබිමක PCR පරීක්ෂාව සිදු කරනු ලබන්නේ කරාපිටිය, මහනුවර, අනුරාධපුර, රාගම, යාපනය යන ශීක්ෂණ රෝහල් වල සහ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය යන ස්ථාන 7 කදී පමණයි.

මේ අතර මීට මාස 8 කට පෙර කෑගල්ල මහ රෝහල වෙත ගෙන්වු නවිනතම PCR යන්ත්‍රය ඉදිරියේදී භාවීතයට ගැනීමට සූදානම් බව වෛද්‍යවරුන් පවසයි.

ඒ අනුව PCR පරීක්ෂණ පුළුල් කර සියලුම නිරෝධායකයින් පරීක්ෂාවට ලක්කිරිමට බලධාරීන්ගේ අවධානය මේවන විට යොමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img