30.6 C
Colombo
Tuesday, August 26, 2025

කො‍රෝනා ආසාදිතයින් ගණන 175ක් වෙද්දි සුවය ලැබු ගණන 33ක්…අලුතෙන් හමුවූ කොරෝනා රෝගීන් නව දෙනාගේ විස්තර හෙළිවේ…

Published:

කො‍රෝනා ආසාදිතයින් ගණන 175ක් වෙද්දි සුවය ලැබු ගණන 33ක්…අලුතෙන් හමුවූ කොරෝනා රෝගීන් නව දෙනාගේ විස්තර හෙළිවේ…

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 175 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට අද දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයින් 33 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5 ක් වෙයි.

අලුතෙන් හමුවූ කොරෝනා රෝගීන් නව දෙනාගේ විස්තර හෙළිවේ…

මෙරටින් තහවුරු කර ගත් කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා රෝගීන් ගණන 171 ක් දක්වා අද ඉහළ ගියා. ඒ, ඊයේ පස්වරුවේ සිට මේ දක්වා අලූතින් කොරෝනා රෝගීන් 9 දෙනෙකු සොයා ගැනීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අවසන් වරට හදුනාගත් රෝගීන් 8 දෙනාගෙන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වන බවයි.

එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී හදුනාගෙන තිබෙනවා. තවත් අයෙකු මාතර ප‍්‍රදේශයෙන් හදුනාගෙන ඇති අතර ඔහු කොරෝනා රෝගියෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයෙක්.

කොළඹ ප‍්‍රදේශයෙන් හදුනා ගත් දෙදෙනෙකුද අලූතින් හදුනාගත් රෝගීන් 8 දෙනා අතරට අයත්. මීගමුව ප‍්‍රදේශයෙන්ද තවත් රෝගියෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර කොරෝනා රෝගය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 29 ක්.

මේ අතර 13 90 දුරකතන අංකය අමතා කොරෝනා රෝග ලක්‍ෂණ වේ නම් ඒ පිළිබද දැනුම් දෙන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img