31.7 C
Colombo
Tuesday, August 26, 2025

නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා ආසාදනය වෙයි…

Published:

නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා ආසාදනය වෙයි…

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

ඔහු මාර්තු 10 වැනිදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක්කර පසුගිය 24 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ යළි නිවසේදීද ඔහුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඊයේ පස්වරුවේ උදරයේ වේදනාවක් සහ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.

සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යැවුණි.

අද පෙරවරුවේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ අදාළ පුද්ගලයාගේ නිවස හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කළ අතර ඔහුගේ මව එම නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්කෙරුණි.

එමෙන්ම ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය අසල්වැසියන්ද සොයා සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img