31.7 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු…

Published:

ශ්‍රී ලංකන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු…

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අනියුක්ත සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් වැටුප් කප්පාදුවක් සිදු කිරීමට එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ද බරපතල අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන්. ඒ අනුව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% ක් දක්වා මාස 03 කාලයක් සඳහා අනිවාර්යය වැටුප් අඩුකිරීමක් සිදු කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම වර්ෂයේදී කි‍්‍රයාත්මක කිරීමට නියමිත සියලූ වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවීමටයි එම ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර සියලූ මගී ගුවන් ගමන් ලබන 08 වනදා සිට 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ද ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img