31.7 C
Colombo
Tuesday, August 26, 2025

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146ක් දක්වා ඉහළට… වෛරස ව්‍යාප්තියේ 3A අවදියට….

Published:

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146ක් දක්වා ඉහළට…වෛරස ව්‍යාප්තියේ 3A අවදියට….

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් තිදෙනකු තහවුරු වී ඇති බවයි.

මෙම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ යාපනය, මාරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලිින් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 18ක් වේ.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් රෝගීයෙක් අද සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ.

එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img