31.7 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට…

Published:

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට…

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු Radical Sri Lanka වෙත තහවුරු කර සිටියා.

මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

පලමුව මෙම රෝගියා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුව මිගමුව මහ රෝහල වෙත මාරු කර ඒවා ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම රෝගියා ඇතුලත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බවද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම පුද්ගලයා හෘදයාබාධයකින් මෙන්ම දීර්ඝ කාලින ශ්වසන ආබාධයකින් පෙළුණු පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img