31.7 C
Colombo
Tuesday, August 26, 2025

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය : සියොන් දේවස්ථානයට ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට…

Published:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය : සියොන් දේවස්ථානයට ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට…

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ද මෙම පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරුවන් 31 දෙනෙක් සහ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාෂය භාරයේ සැකකරුවන් 60 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img