29.5 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා රෝගීන්ට රොබෝ තාක්ෂණයෙන් කෑම… ( VIDEO )

Published:

කොරෝනා රෝගීන්ට රොබෝ තාක්ෂණයෙන් කෑම…( VIDEO )

කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණු හෝමාගම මූලික රෝහලේ එම කටයුතු සඳහා රෝබෝ තාක්ෂණය යොදාගැනීමට එම රෝහලේ වෛද්‍යවරයකු කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙහිදී රෝගියා ළඟට අවශ්‍ය කෑම හා බෙහෙත් ලබා දීම පහසු වන බවයි.

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී.

මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය.

එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත.

තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි.

මෙමඟින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයං ක්‍රියාකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img