29.5 C
Colombo
Tuesday, August 26, 2025

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග… ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්…

Published:

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග…

නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා
පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්…

කොවිඩ් 19 ව්‍යප්ති වැලැක්වීම සඳහා, ඖෂධ හල් (pharmacy) වෙත මහජනතාව පැමිණීම සීමා කිරීමට, පුද්ගලික ඖෂධ හල් මඟින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලිය රජය මඟින් හදුන්වා දී ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා ඖෂධ හල් (pharmacy) හඳුනාගෙන ඇති අතර මෙ ඖෂධ හල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය WWW.health.gov.lk මඟින් හෝ http://bit.ly/slpharm දැන ගත හැක.

තෝරාගත් ඖෂධ හල් වල ලිපිනය, දුරකථන අංකය (whatsapp/Viber/Imo අංකය) හා ඖෂධවේදිගේ නම එමඟින් ඔබට දැන ගත හැක.

මෙහිදී ඖෂධ සඳහා මුදල් අයකරන අතර එම බිලට සාධාරණ ප්‍රවාහන ගාස්තුව ද ඇතුලත් කරනු ලැබේ.

ඖෂධ සඳහා ගෙවීම අත්පිට මුදලට හෝ අන්තර් ජාලය හරහා සිදුකල හැක.

ඔබට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය නම් පළමු පියවර ලෙස සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් මෑතකදී නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ ඡායාරුපයක් ගෙන එම ඡායාරුපය (whatsapp/Viber/Imo අංකය) හරහා තෝරාගත් ෆාමසිය වෙත යොමු කරන්න.

ෆාමසිය මඟින් එම ඖෂධ පැය 24ක් ඇතුලත ඔබ ගේ නිවසටම ගෙනවිත් දෙනු ඇත.

ඖෂධ ලබා ගැනීමට උපදෙස් සහ ඖෂධවේදියාගේ දුරකථන අංකය ඖෂධ පැකට්ටුවේ සඳහන් කරනු ලබන අතර ඔබට යම් ගැටළුවක් මතු වුවහොත් ඖෂධවේදියා අමතන්න.

වැඩි විස්තර සඳහා 0720720720 (සිංහල ඉංග්‍රීසි) 0720606060 (දෙමළ) අමතන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img