29.5 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට….IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කොරෝනා වැළදේ….

Published:

කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට….

අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.

……………………………………………………………………………………………………………………………………………………………

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කොරෝනා වැළදේ….

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කර සිටිනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.

ඊයේ දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කලේ.

……………………………………………………………………………………………………………………………………………………………

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවයි…..

ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මේවනවිට තුන්ලක්ෂ 51,609 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 15,361 ක්. ඉන් වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. මේවනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 5,476 ක්. වෛරසය ආසාදනය වී ඇති එරට පුද්ගලයින් ගණන 59,138 ක් වනවා. යුරෝපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එරටින් වාර්තා වන මරණ ගණන 2,206 ක්. චීනයෙන් මේදක්වා මරණ 3,270 ක් වාර්තා වී තිබෙනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමතර රෝහල් ඉදිකිරීමට ප‍්‍රංශය පියවර ගෙන තිබෙනවා. ඒ, එරට හමුදාවේ මැදිහත්වීම මතයි. ඒ අනුව නව කොරෝනා වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් දක්වට ලැබෙන නැගෙනහිර ප‍්‍රංශයේ නගර 02 ක් තුළ හමුදාව විසින් මෙලෙස නව රෝහල් ඉදිකරමින් සිටින බවයි පැවසෙන්නේ.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගී ගුවන් යානා පැමිණීම හා ඒ හරහා සිදුකරන හුවමාරු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින්. අනිද්දා සිට මෙම තීරණය කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ලොව කාර්යය බහුලම ගුවන් තොටුපළ ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සැලකෙනවා.

මේ අතර සාමූහික ලිංගික ක‍්‍රියා තහනම් කිරීමට බෙල්ජියම් රජය තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් සතියේ පැවැති ලිංගික කි‍්‍රයාකාරකම් සහිත සාදයකට සහභාගී වූ 380 දෙනෙකුට නව කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුවයි. මෙම සාදයට 500 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img