29.5 C
Colombo
Tuesday, August 26, 2025

කොළඹ-ගම්පහ-පුත්තලම සහ උතුරට හෙට උදේ 6 සිට 12 තෙක් ඇඳිරි නීතිය ඉවතට…

Published:

කොළඹ-ගම්පහ-පුත්තලම සහ උතුරට හෙට උදේ 6 සිට 12 තෙක් ඇඳිරි නීතිය ඉවතට….

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් හෙට දහවල් 12ට එම ඇඳිරි නීතිය නැවත පැනවීමෙන් පසු එළැඹෙන සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 06ට ඉවත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

කෙසේවෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා හෙට දහවල් 12ට යළි ඇඳිරි නීතිය පනවන අතර එය එළැඹෙන මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙනු ඇති.

සිකුරාදා දහවල් 12 සිට යළිත් එම දිස්ත්‍රික්ක 08 සඳහා ඇඳිරි නීතිය පැනවේ.

සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 02 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06ට ඉවත් කරන අතර එදිනම දහවල් 12 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන අතර විදේශ සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ ලබාදී තිබෙන අතර කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බවද රජය දැනුම් දෙයි.

මේ අතර කොළඹ,ගම්පහ,පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවල අද උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ නගරවල පැවැති තත්ත්වය දැක ගත හැකි විය.
පානදුර/ගාල්ල/මාතර/මහනුවර/හම්බන්තොට/මාතලේ/නුවරඑළිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img