28.4 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා වෛරසය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්…

Published:

කොරෝනා වෛරසය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්…

ලෝක සෞඛ්‍ය සංවිධානය අගහරුවාදා (මාර්තු 17) අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

“තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීම සඳහා අප ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ කළ යුතුයි,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පැවසීය.

“සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමක් වන අතර, COVID-19 තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ක්‍රියාශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයක අවශ්‍යතාව ද එමගින් අවධානයට ලක් කරනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ.

  • තායිලන්තය – 177
  • ඉන්දුනීසියාව – 134
  • ඉන්දියාව – 125
  • ශ්‍රී ලංකාව – 43
  • මාලදිවයින් – 13
  • බංග්ලාදේශය – 05
  • නේපාලය – 01
  • භූතානය – 01

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව මේ වන විට පියවරයන් රැසක් අනුගමනය කරමින් සිටී.

එම වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස බදාදා (මාර්තු 18) මධ්‍යම රාත්‍රියේ සිට මගී ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්වීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබේ.

ඊට අමතරව, කොරෝනාවෛරසය වැඩි වශයෙන් පැතිර ගිය රටවල සිට පැමිණි නිරෝධායන ක්‍රියාවලියට සහභාගි නොවූ පිරිස් හදුනාගෙන ඔවුන් නිරෝධායනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

රජය උපදෙස් දී ඇත්තේ, පුද්ගල ඒකරාශී වීම් සහ විනෝද හෝ වන්දනා ගමන්වල නිරත නොවන ලෙසය.

මේ අතර, ඓතිහාසික ස්ථාන, උද්භිද උද්‍යාන මෙන් ම රාජ්‍ය ආයතනවලට ජනතාව පැමිණීම අවම කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

ගෝලීය තත්ත්වය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට රටවල් 159ක මෙම කොරෝනාවෛරසය පැතිර තිබේ.

මේ වන විට ආසාදිත රෝගීන් සංඛ්‍යාව 184,976ක් වන අතර ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 7529 දෙනෙකි.

bbc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img