27.8 C
Colombo
Tuesday, August 26, 2025

රටවල් රැසකට වීසා නිකුත් කිරීම රජය අත්හිටුවයි : කොරෝනා වෛරසය පාලනය කිරීමට තින්දු රැසක්…

Published:

රටවල් රැසකට වීසා නිකුත් කිරීම රජය අත්හිටුවයි : කොරෝනා වෛරසය පාලනය කිරීමට තින්දු රැසක්…

වහාම ක්‍රියාත්මක වන පරිදි කොරියානු ජනරජය, ඉරානය, ඉතාලිය, බහරේන්, කටාර්, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල විදේශිකයින් සඳහා වීසා නිකුත් කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ මෙරට තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය වලක්වීමේ අරමුණින්.

එමෙන්ම ඉතාලිය, ඉරානය, කොරියානු ජාතිකයින්ට දැනටමත් ලබා දී ඇති සියලුම වර්ගවල ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා, බහු පිවිසුම් වීසා සහ මෙරට පදිංචිය සම්බන්ධයෙන් ලබාදී ඇති වීසා තාවකාලිකව අත්හිටුවා ඇති අතර එම විදේශීය ජාතිකයින්ට ඊයේ (14) දිනයේ සිට සති දෙකක කාලයක් ගතවනතුරු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදිමටයි රජය තීරණය කර ඇත්තේ.

මිට අමතරව ඉතාලිය, ඉරානය, කොරියානු ජාතිකයින්ට අමතරව අනෙක් විදේශිකයින් සඳහාද ලබාදී ඇති ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා, බහු පිවිසුම් වීසා සහ මෙරට පදිංචිය සම්බන්ධයෙන් ලබාදී ඇති වීසා බලපත්‍රයන්ද අද (15) දිනයේ සිට සති දෙකක කාලයක් ගතවනතුරු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදිමටයි රජය තීරණය කර ඇත්තේ.

මිට අමතරව මාලදිවයින, සිංගප්පුරුව සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ලබාදී තිබු විද්‍යුත් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

මෙම තහනම සඳහා රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි විදේශිකයින් අයත් නොවන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,405FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img