29.5 C
Colombo
Monday, August 25, 2025

කොරොනා පැතිරයන රටවලින් පැමිණෙන අය අද සිට නිරෝධායන මධ්‍යස්ථානවලට…

Published:

කොරොනා පැතිරයන රටවලින් පැමිණෙන අය අද සිට නිරෝධායන මධ්‍යස්ථානවලට…

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තදින් පැතිරයමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් නිරෝධායනය කිරිමේ කටයුතු අද(09) දිනයේ සිට සිදුකිරිමට නියමිතව තිබේ.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින් ඒ අනුව අද දිනයේ සිට අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට නියමිත බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.‍

මේ අතර මේ වන විට විදෙස් රට වල සිට පැමිණි පුද්ගලයින් දෙදහසක් පමණ පසුවිපරමකට ලක් කරමින් සිටින බව විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,389FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img