27.2 C
Colombo
Monday, July 7, 2025

අමෙරිකානු ජනපති රතු පලස මතින් ඉන්දියාවට…

Published:

අමෙරිකානු ජනපති රතු පලස මතින් ඉන්දියාවට…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවට පැමිණියා. ඒ දෙදින නිල සංචාරයක් අරඹමින්. මෙම සංචාරය සඳහා අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලේනියා ට්‍රම්ප් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා වන ජෙරාඞ් කුෂ්නර්ද එක්ව සිටිනවා.

අහමදාබාද් නුවරින් ඉන්දියාවට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස රතු පලස මතින් පිළිගනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර ඇති විශේෂ  පිළිගැනීමේ උත්සවය  පැවැත්වෙන්නේ දිල්ලි නුවරදීයි. එහෙත්, දිල්ලි නුවරට පැමිණීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු පවුලේ සාමාජිකයින් ආග්‍රා නුවරට පැමිණීමට නියමිතව තිබෙනවා.  එහිදී ඔවුන් ටජ් මහල නැරඹීමට එක්වනු ඇති.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී දෙරටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංචාරයත් සමග ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වන්නේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන 08 වන අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසයි. එසේම ඉන්දීය ජනාධිපතිවරයෙකු මෙලෙස ඉන්දියාවේ සංචාරයකට එක්වන්නේ වසර 05 කට පසුව වීම ද විශේෂත්වයක්.

මීට පෙර අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා සිව්වරක් ඉන්දියාවේ සංචාරය කළා. ඔහු අවසන් වරට ඉන්දියාවට පැමිණ තිබුණේ 2015 වසරේදීයි. කෙසේවෙතත් ඩොනල්ඞ් ට්‍රම්ප් ද අමෙරිකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img