29.5 C
Colombo
Sunday, July 6, 2025

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිරන්තරයෙන් දැනුවත් කෙරේ…

Published:

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිරන්තරයෙන් දැනුවත් කෙරේ…

දකුණු කොරියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව සෝල් නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි කම්කරු අංශ ප‍්‍රධානී, රැුකියා හා සුබසාධන උපදේශක සෙනරත් යාපා පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලූ ශී‍්‍ර ලාංකිකයින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කරන බවයි. එබැවින් දකුණු කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ද නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම ඉන් බේරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කරන බව ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප‍්‍රධානී සෙනරත් යාපා කියා සිටියා.

විදේශ සබඳතා අමාත්‍යාංශය ද පැවසුවේ දකුණු කොරියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින බවයි.

සැලකිය යුතු ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් රැඳී සිටින දකුණු කොරියාවේ ඬේගු නගරයේ කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව ක‍්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පැය 24 ක් තුළ එම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාම කැපී පෙනෙන සිද්ධියක්. මේ වනවිට දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වන අතර රෝගීන් 433 දෙනෙකු ද වාර්තා වනවා. ඉන් 224 දෙනෙකුම වාර්තා වන්නේ පැය 24 ක් තුළදීම වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැති බව සෝල් නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.

දකුණු කොරියාව තුළ ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද වාසය කරනවා. එම සංඛ්‍යාව 20,000 කට අධිකයි. කොරෝනා වෛරසය පැතිර යන ඬේගු නගරයේ පමණක් ජීවත් වන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 915 ක්. ඬේගු නගරය මෙන්ම චෙන්දෝ නගරය ද කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් කලාප ලෙස දැනටමත් නම් කර අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img