29.5 C
Colombo
Sunday, July 6, 2025

කොරෝනා මඩින එන්නතක් අමෙරිකාව සොයා ගනී…

Published:

කොරෝනා මඩින එන්නතක් අමෙරිකාව සොයා ගනී…

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කල හැකි බව පැවසෙන එන්නතක් අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. එම එන්නත වැඩි දියුණු කිරීමේ කටයුතු අමෙරිකාවේ සුප්‍රකට ජාන ඉංජිනේරු සමාගමක් විසින් මේවනවිටත් සම්පූර්ණ කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව අදාල එන්නත සතුන් සදහා අත්හදා බැලීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. 

අත්හදා බැලීමේ කටයුතු නිමා කර එන්නත භාවිත කල හැකි තත්ත්වයට සූදානම් කිරීම සදහා කොපමණ කාලයක් ගතවේදැයි අදාල සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එම සමාගම මීට පෙර ද වෛරස් සදහා ප්‍රතික්‍රියා කල හැකි එන්නත් නිශ්පාදනය කල සමාගමක් ලෙස ප්‍රචලිතයි. කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා ප්‍රකාශ කලේ නව කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීමට මාස 12 – 18 ක් වැනි කාලයක් ගත වනු ඇති බවයි. ඒ අනුව රටවල් රැසක් මේවනවිටත් එන්නතක් සොයා පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img