27.2 C
Colombo
Sunday, July 20, 2025

මෙරට අමෙරිකානු තානාපතිනියට විදේශ අමාත්‍යාංශයෙන් කැඳවීමක්…

Published:

මෙරට අමෙරිකානු තානාපතිනියට විදේශ අමාත්‍යාංශයෙන් කැඳවීමක්…

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි.

ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණටය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණූ දැක්වීමට අද තානාපතිවරිය විදේශ අමාත්‍යාංශයට කැඳවීමට තීරණය කළ බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,338FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img