27.2 C
Colombo
Tuesday, August 26, 2025

යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්…

Published:

යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්…

වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.

අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

” වත්මන් යුධ හමුදාපතිවරයාගේ ජේෂ්ඨත්වය අනුව එවකට සිටි රාජ්‍ය නායකයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති තනතුරට පත් කරනු ලැබුවා.

ඉන් පසුව වත්මන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාපතිවරයාව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කරනු ලැබුවේ වත්මන් හමුදා සේවයේ සිටින ජේෂ්ඨතම නිලධාරියා බැවින්.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීමේ කාලය සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බවයි” විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව ඇති තොරතුරුවල මූලාශ්‍රයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යලි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img