31 C
Colombo
Tuesday, July 8, 2025

කොරෝනා වලින් ජනතාව රැකගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න – ජනපතිගෙන් බළධාරීන්ට උපදෙස්…

Published:

කොරෝනා වලින් ජනතාව රැකගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න – ජනපතිගෙන් බළධාරීන්ට උපදෙස්…

නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍යය, විදේශ සබඳතා, සංචාරක, උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග ජනාධීපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

නව කොරෝනා වෛසරය ශරීරගත ව මෙරටින් වාර්තා වූ පළමු රෝගියා වන චීන ජාතික කාන්තාව මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

වෛසරය රටතුළ පැතිරයාම වළක්වා ගැනීමට ද වෛද්‍යවරුන් සමත් ව තිබෙනවා.

පූර්ණ කැපවීමෙන් ඊට සහය වූ සියලූ ක්ෂේත‍්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයා එහිදී ප‍්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනතාව ආරක්ෂා කර ගැනීමට එම කි‍්‍රයාමාර්ගයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,219FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img