29 C
Colombo
Sunday, October 12, 2025

කොරෝනා ආසාධිත බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ…

Published:

කොරෝනා ආසාධිත බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ…

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙම රෝගීන්ගෙන්  8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

වෛද්‍ය වාර් ලැබුණු තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තා වල සඳහන් වන බවත් අනෙක් දෙදෙනාට කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img