31.1 C
Colombo
Tuesday, July 8, 2025

ජනපති නියමයෙන් වී මිළදී ගැනීමට යුද හමුදාවේ සහය…

Published:

ජනපති නියමයෙන් වී මිළදී ගැනීමට යුද හමුදාවේ සහය…

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කි‍්‍රයාවලිය විධිමත්ව හා කඩිනම්ව ක‍්‍රියාත්මක කිරීමට ති‍්‍රවිධ හමුදාව දායක කර ගන්නා බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහ කන්නයේ ප‍්‍රමිතියෙන් යුත් වී කිලෝවකට රුපියල් 50 ක අවම සහතික මිලක් දැනටමත් ප‍්‍රකාශයට පත් කර අවසන්.

ප‍්‍රමිතිය සම්පූර්ණ කර නොමැති වී කිලෝවක් සඳහා රුපියල් 44 ක මිලක් නියම කර තිබෙනවා.

ගොවීන් ආපසු හරවා යැවීම වැළැක්වීම මෙහි අරමුණයි. ඒ අනුව මිලදී ගන්නා වී වෙනුවෙන් ගොවීන්ගේ බැංකු ගිණුමට එදිනම මුදල් බැර කෙරෙනු ඇති. අදාළ බැංකු දින 07 ම විවෘතව තැබිය යුතු බවටයි දැනුම් දී ඇත්තේ.

වී මිලදී ගැනීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 100 ක්. අපේක්ෂිත වී අස්වැන්න මාස 08 ත් 09 ත් අතර කාලයක සහල් පරිභෝජනය සඳහා ප‍්‍රමාණවත් වනු ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් ශක්තිමත් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීම රජයේ මූලික අරමුණ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. මෙම වැඩසටහන සාර්ථකව දියත් කිරීමෙන් එළඹෙන අලූත් අවුරුද්දට පෙර කෘෂිකාර්මික ප‍්‍රදේශවල ආදායම් සංසරණය වැඩි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙවර මහ කන්නයේ වී අස්වැන්න නෙලීම නැගෙනහිර ප‍්‍රදේශයෙන් මේවනවිටත් ආරම්භ කර අවසන්.

එම කටයුතු අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මකයි. මිලදී ගන්නා වී තොග නිසි පරිදි ගබඩා කිරීමට ආහාර කොමසාරිස්වරයා සතු සියලූ ගබඩා වී අලෙවි මණ්ඩලයට හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරීමට කටයුතු කරනු ඇති.

දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදාව ගබඩාවලට අවශ්‍ය ආරක්ෂාව සපයනු ඇති බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ. ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ද ලබා ගනු ඇති.  මෙවර මහ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 20 ක වී අස්වැන්නක් මිලදී ගැනීම රජයේ අපේක්ෂාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,218FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img