31.1 C
Colombo
Tuesday, July 8, 2025

ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින්වලින් ගැටලු රැසක් මතුවෙලා…

Published:

ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින්වලින් ගැටලු රැසක් මතුවෙලා…

ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ දෝෂ ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලීම සඳහායි.

මෙම දුම්රිය එන්ජින් කට්ටල මෙරට දුම්රිය මාර්ගවල ධාවනයට යෝග්‍ය නොවන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

එහිදී “මෙරටට ආනයනය කරන ලද එන්ජින් 08න් 03ක් පමණක් මේ වන විට ධාවනයට එක් කර තිබෙනවා. මෙම දුම්රිය එන්ජිම දිග වැඩියි. ඒ නිසා අපේ දුම්රිය මාර්ගයේදී මේක හසුරුව ගන්න බොහොම අමාරුයි. එන්ජිමේ රෝද අතර ලොකු අගයක් තියෙනවා… තාක්ෂණික වශයෙනුත් විශාල අඩුපාඩු රාශියක් මේකෙ තියෙනවා. අවස්ථා තුන හතරකදීම දුම්රිය මාර්ගයේදී මෙම එන්ජිම නතරත් වුණා.” යනුවෙන්ද සඳහන් කළා.

මෙම දුම්රිය එන්ජින්වල පවතින ගැටලු සම්බන්ධයෙන් ඔහු තවදුරටත් විස්තර කළා. එහිදී සඳහන් කළේ මෙම දුම්රිය එන්ජිම නිසා දුම්රිය ස්ථානවල සැකැස්ම පවා වෙනස් කිරීමට සිදුව ඇති බවයි.

මෙම දුම්රිය එන්ජින් පරීක්ෂා කොට අදාළ ඉන්දීය දුම්රිය පරීක්ෂක නිලධාරීන් ලබාදෙන වාර්තාව ඉදිරියේදී තමන් මාධ්‍ය වෙත ද නිකුත් කරන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,218FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img