31.1 C
Colombo
Tuesday, July 8, 2025

ජල ගාස්තු ඉහළට – පානීය ජලය පානීය නොවන කටයුතු සඳහා යොදා ගැනීමත් නවතන්න යයි…

Published:

ජල ගාස්තු ඉහළට – පානීය ජලය පානීය නොවන කටයුතු සඳහා යොදා ගැනීමත් නවතන්න යයි…

ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි. ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ජල ගාස්තු ප‍්‍රමාණවත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට ජනතාවට ලබා දෙන පිරිසිදු කරන ලද ජලය විවිධ අනවශ්‍ය දේ සඳහා යොදා ගනිමින් ඇති බවත් ඒ සඳහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතුව ඇති බවත් සඳහන් කළා. පානීය ජලය පානීය නොවන දේවල් සඳහා යොදා ගනිමින් අපතේ හැරීම විශාල අපරාදයක් බවත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,218FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img