24.5 C
Colombo
Tuesday, January 13, 2026

ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අද සිදු කෙරේ…

Published:

ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අද සිදු කෙරේ…

නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු සහ ප‍්‍රවීන රංගධරයෙකුද වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් අද (15) දැයෙන් සමුගන්නවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඉකුත්දා අභවප්ප‍්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවුණා.

කලා ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී කුසලතා විදහා දැක්වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් උපත ලැබුවේ 1948 වසරේදීයී.

මෙරට නාට්‍ය කලාවේ මං සළකුණු ලෙස සැලකෙන මනමේ, සිංහබාහු වැනි නාටකවල සුළු චරිත නිරූපනය කළ ඔහු පෙමතෝ ජායති සෝකෝ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළා. මහගිරි දඹ නාට්‍ය ජයලත් මනෝරත්නයන් රචනා කර නිෂ්පාදනය කළ ප‍්‍රථම වේදිකා නාට්‍යය වනවා.

අන්දරේලා, පුත‍්‍ර සමාගම, සඳගිර, ගුරුතරුව, වෙස්සන්තර,  සොක‍්‍රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු, කනේරුමල්, සුදුරෙදි හොරු, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය රැසක් ඔහුගේ නිර්මාණයෙන් මෙරටට දායක වුණා.

ටෙලිනාට්‍යයේද බෝඩිම, කන්දෙ ගෙදර, ගම්පෙරලිය, මඩොල්දූව, දූදරුවෝ, හිරුට මුවාවෙන, ගජමන් නෝනා, සකිසඳ එලියස් හරහා ඔහු කළ රංගනය අදටත් කිසිවෙකුටත් අමතක වී නැහැ.

සිනමාවද මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩ වුණා. ඔහු රගපෑ චිත‍්‍රපට ඉදිරියේදීද තිරගත වීමට නියමිත බවයි ප‍්‍රවීණ කලාකරු ගිරිරාජ් කෞෂලය පැවසුවේ.

සිය නිර්මාණ කාර්ය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහු අද පස්වරුවේ දැයෙන් සමුගෙන යන්නේ මිල කළ නොහැකි ජනතා හදවතේ සම්මානයද සමගයි. ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,994FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img