30.6 C
Colombo
Tuesday, January 13, 2026

ඉන්දියාවට කඩුලු 7ක ජයක්…

Published:

ඉන්දියාවට කඩුලු 7ක ජයක්…

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ඊයේ (07) පැවැති දෙවන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 කට ලකුණු 142 යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 34 ක් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 22 ක් රැස් කළා. පන්දු යැවීමේදී සර්දුල් තාකූර් ලකුණු 23කට කඩුළු 03 ක් බිඳහෙලූවා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම සිය ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 17 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී තිබියදීයි. එහිදී කේ. එල්. රාහුල් ලකුණු 45 ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 30 කට කඩුළු 02 ක් බිඳහෙලූවා. දෙරට අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img