28.4 C
Colombo
Sunday, July 6, 2025

මගීන් 180 ක් රැගත් යුක්‍රේන ගුවන් යානයක් ඉරානයේ දී අනතුරක…

Published:

මගීන් 180 ක් රැගත් යුක්‍රේන ගුවන් යානයක් ඉරානයේ දී අනතුරක…

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 180 දෙනෙක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය.

යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති අතර පසුව අනතුරට පත්ව ඇති බවට සොයා ගැණුණි.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකින් අනතුරුව මෙම අනතුර සිදුවිය.

කෙසේ නමුත් අනතුර සහ ඉරාක-අමෙරිකානු මතභේදය අතර සබඳතාවක් තිබේද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img