28.4 C
Colombo
Sunday, July 6, 2025

“සියල්ල යහපත්”- ඉරාන ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනපති කියයි ….

Published:

“සියල්ල යහපත්”- ඉරාන ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනපති කියයි ….

ඉරානය විසින් අමෙරිකානු හමුදා කදවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල කිරිමත් සමග එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් සිය ගුවන් යානා වෙත සිමා පැනවිමක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව ඉරානය, ඉරාකය ගුවන් සීමාවන් වෙත ඇතුළු නොවන්නැයි ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සියළුම අමෙරිකානු ගුවන් සේවාවන් වෙත දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව පර්සියානු සහ ඕමාන මුහුදු කළාපයටද අමෙරිකානු ගුවන් යානා වෙත ඇතුළු නොවන්නැයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට පෙර සුදානම්ව සිටියත් පසුව එය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“සියල්ල ඉතා හොදින් සිදුවෙනවා. ප්‍රහාරය ගැන හෙට දිනයේදි නිවේදනයක් නිකුත් කරනවා. අපේ හමුදා කදවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ වෙනකොට සිදුව ඇති හානී ගැන සොයා බලමින් සිටිනවා. මේ දක්වා සියල්ල යහපත්” සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img