28 C
Colombo
Tuesday, January 13, 2026

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අද සහ හෙට…

Published:

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය අද සහ හෙට…

නව සභාවාරය ආරම්භ වුවද පාර්ලිමේන්තු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මෙතෙක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත් අතර එහිදී කාරක සභා සියල්ල  අහෝසි විය.

ඒ අනුව මේ වනවිට රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, මහජන පෙත්සම් කාරක සභාව සහ ගෘහ කාරක සභාව, අමාත්‍යංශ උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව, වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක් අහෝසි වී තිබේ.

කාරක සභා අහෝසි වීමෙන් අනතුරුව ඒ සඳහා නව සාමාජිකයින් පත් කිරීම සිදුකළ යුතු අතර ලබන 20 දින පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ඒ සඳහා සාමාජිකයින් පත් කිරීම සිදුකෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ආරම්භයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

පසුගිය 3 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එකඟතාව පළ වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img