27.2 C
Colombo
Monday, July 7, 2025

ඉන්දීය-ලංකා තරගය අතහැර දැමීමෙන් කී‍්‍රඩාංගන බලධාරීන්ට විවේචන…

Published:

ඉන්දීය-ලංකා තරගය අතහැර දැමීමෙන් කී‍්‍රඩාංගන බලධාරීන්ට විවේචන…

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වීමට තිබූ පළමු පන්දුවාර 20 යි 20 තරගය අත්හැර දැමීමට සිදුවුණා.

ඒ, තරගය පැවැත්වීමට තිබූ ඉන්දියාවේ ගුවාටි කී‍්‍රඩාංගනයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන්. අවස්ථා කිහිපයකදී පන්දුවාර සංඛ්‍යාව අඩුකර හෝ තරගය පැවැත්වීමට සැලසුම් කෙරුණ ද අවසානයේ එම සියලූ සැලසුම් ව්‍යර්ථ වුණා.

ඒ, තරගය නැරඹීමට ගුවාටි කී‍්‍රඩාංගනයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පේ‍්‍රකෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින්.

කෙසේවෙතත්, කී‍්‍රඩාංගනය සහ තණ තීරුව ආවරණය කිරීමට කී‍්‍රඩාංගන බලධාරීන් ගත් අසාර්ථක උත්සහයන් සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්වන අයුරු ද දැකගත හැකි වුණා.

වර්ෂාව හේතුවෙන් 2020 වසරේ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගයක් සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ පළමු අවස්ථාව මෙයයි. සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය හෙට (07) පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img