29.5 C
Colombo
Monday, July 7, 2025

ජනපති වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක…

Published:

ජනපති වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ වේරහැර පිහිටි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණියා

. කිසිදු නිලධාරියෙකුට නොදන්වා ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ එහි කටයුතු සිදු කරන ආකාරය පිළිබද නිරීක්ෂණය කිරීම සදහායි.

සේවය ලබා ගැනීමට රාජ්‍ය ආයතන වෙත පැමිණෙන කිසිවෙකු අපහසුතාවට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප‍්‍රශස්ත සේවාවක් ලබා දීමට කැප වීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම මාසයක කාලයක් ඇතුළත, පවතින ගැටලූ විසදා සියල්ල විධිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත එහිදී උපදෙස් ලබා දුන්නා.

ජනාධිපතිවරයා මීට පෙර ද ආයතන කිහිපයක කටයුතු සොයා බැලීම සදහා මෙලෙස හදිසි නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img