29.5 C
Colombo
Monday, July 7, 2025

අසිරිමත් නත්තල උදා වෙයි…

Published:

අසිරිමත් නත්තල උදා වෙයි…

ලොවපුරා කිතුණු බැතිමතුන්  මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද (25) උදා වුණා.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමිය දාව බෙත්ලෙහෙමේ දී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

නත්තල සැමරීම සැරසිල්ලකට පමණක් සීමා නොකළ යුතු බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ.

ලක්රිවි ළමා කි‍්‍රයාකාරී වීරයෝ ව්‍යාපාරයේ ජාතික අධ්‍යක්‍ෂ, නැෂනට් යොවුන් ගමන සම්බන්ධීකාරක සුසිත රන්දිල් පියතුමන් ද නත්තලේ අරුත සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා.

බෙදාහදා ගැනීම සහ සාමදානය පුහුණුකිරීමට ද නත්තල අවස්ථාවක් කර ගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමට ද නත්තල අවස්ථාවක් කරගත හැකි බව මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර ජා ඇළ, වික්ශෝප මාතා දෙව්මැදුරේ ඊයේ (24) මධ්‍යම රාති‍්‍රයේ පැවැත්වුණු නත්තල් දේව මෙහෙය නෙත් එෆ්. එෆ්. රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කෙරුණා.

උදා වු නත්තල ලෝ වාසී කිතුනු බැතිමතුන්ට අසිරිමත් නත්තලක් වේවායි Radical Sri Lnaka  ප්‍රාර්ථනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img