29.5 C
Colombo
Monday, July 7, 2025

රාජිත අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්…

Published:

රාජිත අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදි ඇත්තේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙලෙස රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img