27.8 C
Colombo
Thursday, August 21, 2025

අර්ධ සූඛෝපබෝගී බස් සේවාව ලබන මාස තුළ අහෝසි කළ හැකියි – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය

Published:

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ලබන මාසය තුළ අහෝසි කළ හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ඒ පිළිබඳ එකඟතාවට පැමිණි බවයි.

ජාතික ගමනාගමන කොමිසම විසින් මගින් දස දහසක් ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් මත විමසීමේ සමීක්ෂණයක්ද සිදු කර තිබෙනවා. එම සමීක්ෂණයට සහභාගී වූ මගී ජනතාවගෙන් සියයට සියයකගේම අදහස වී ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කළ  යුතු බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ.

එම බස් සේවය අහෝසි කිරීමෙන් අනතුරුව එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිල ගණන් යටතේ ධාවනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊට අමතරව දුර බැහැර සිට සේවයට පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකි දැයි සොයා බලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img