28.4 C
Colombo
Sunday, July 6, 2025

පාකිස්ථාන හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම නියම වෙයි…

Published:

පාකිස්ථාන හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම නියම වෙයි…

හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම නියම කර ඇත්තේ, ඉස්ලාමාබාද් විශේෂ අධිකරණයක් විසින් සිදු කරනු ලැබූ නඩු විභාගයකින් අනතුරුවයි.

විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය ද්‍රෝහීක්‍රියාවන්ට වරදකරු කරමින් මෙම දඬුවම නියම කර ඇත.

ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට හමුදා කුමන්ත්‍රණයක් මගින් 1999 වසරේදී පාකිස්ථානයේ රාජ්‍ය බලය අල්ලා ගත් අතර 2001 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට ලද අවසරය මත 2016 වසරේදී පාකිස්ථානයෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ත් රැඳී සිටින්නේ, ඩුබායි රාජ්‍යයේයි.

2007 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීම, ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා හදිසි නීතියක් පැනවීම ආදී චෝදනා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබිණ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img