27.2 C
Colombo
Monday, July 7, 2025

තිරිඟු පිටි බද්ද ඉවතට-ඒ වෙනුවට රුපියල් 8ක විශේෂ බද්දක්…

Published:

තිරිඟු පිටි බද්ද ඉවතට-ඒ වෙනුවට රුපියල් 8ක විශේෂ බද්දක්…

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරු බද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්යරතාවයට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදු විය.

පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

වෙළෙඳපොලේ ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රු. 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර, තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව සලසමින් තිරිඟු පිටි සඳහා පැවැති බදු අඩුකිරීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව, පිටි කිලෝග්‍රෑමයකට රු. 36 ක් පමණ වූ ඒකාබද්ධ තීරුබදු ප්‍රමාණය ඉවත් කර ඒ වෙනුවට රු. 8 ක වෙළෙඳ භාණ්ඩ බද්ද නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img